ජනවාරි 11, 2023, කොළඹ: විදේශ අමාත්‍ය අලි සබ්රි අද කැනේඩියානු මහ කොමසාරිස් ඩැනියෙල් බූත් කැඳවා ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකුට එරෙහිව ඒකපාර්ශ්වික ආර්ථික සම්බාධක ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් රජයේ බලවත් කණගාටුව ප්‍රකාශ කළේය. කැනඩා රජය මෙය කර ඇත්තේ පදනම් විරහිත චෝදනා මත බව අමාත්‍යාංශය සඳහන් කළේය.
මීට පෙර විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ කැනේඩියානු රජයේ මෙම පියවර දේශීය ප්රතිසන්ධාන ක්‍රියාවලියට හානියක් වනු ඇති බවයි.