2024 නොවැ 18, කොළඹ: ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක, මුදල් හා ආර්ථික සංවර්ධන සහ ඩිජිටල් ආර්ථිකය යන අමාත්‍යාංශ තමන් සතු කර ගෙන ඇත.
නව අමාත්‍යවරුන් 22 දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලය අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නා.
1. ජනාධිපති අනුර කුමාර දිසානායක – ආරක්ෂක, මුදල් සහ ආර්ථික සංවර්ධන සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍ය
2. අගමැති ආචාර්ය හරිනි අමරසූරිය – අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය
3. විජිත හේරත් – විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය
4. මහාචාර්ය චන්දන අබේරත්න – රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
5. හර්ෂණ නානායක්කාර – අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
6. සරෝජා සාවිත්‍රි පෝල්රාජ් – කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය
7. කේ.ඩී. ලාල්කාන්ත – කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය
8. අනුර කරුණාතිලක – නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය
9. රාමලිංගම් චන්ද්‍රසේකර් – ධීවර අමාත්‍ය
10. උපාලි පන්නිලගේ – ග්‍රාම සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය
11. සුනිල් හදුන්නෙත්ති – කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය
12. ආනන්ද විජේපාල – මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
13. බිමල් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
14. හිනිදුම සුනිල් සෙනෙවි – බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
15. වෛද්‍ය නලින්ද ජයතිස්ස – සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය
16. සමන්ත විද්‍යාරත්න – වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
17. සුනිල් කුමාර ගමගේ – ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය
18. වසන්ත සමරසිංහ – වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය
19. මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන – විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය
20. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු – කම්කරු අමාත්‍ය
21. කුමාර ජයකොඩි – බලශක්ති අමාත්‍ය
22. ආචාර්ය දම්මික පටබැඳි – පරිසර අමාත්‍ය