2023 ජනවාරි 19, කොළඹ: ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද ශ්‍රී ලංකාවට පැමිණේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ නිල වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය
විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු සම්භාවනීය අමුත්තන් හමුවෙයි. විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් සමඟ සම ලේකම් (අයිඕආර්) පුනීත් අග්‍රවාල්, අධ්යක්ෂ සන්දීප් කුමාර් බයියාප්පු, නියෝජ්‍ය ලේකම් (ශ්‍රී ලංකා) නිධි චෞද්රි සහ නියෝජ්‍ය ලේකම් රඝූ පූරි යන මහත්වරු ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහභාගි වෙති.