2023 ජනවාරි 06: කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය දේශපාලන ප්‍රභූන් සඳහා කොළඹදී අති උත්කර්ෂවත් භෝජන සංග්‍රහයක් සංවිධානය කර ඇතැයි වාර්තා වේ. කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මියගේ නිල නිවසේ සාදයක් පවත්වා ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
මෙම සාදයේ ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී. එමෙන්ම ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාව ආහාර නොමැතිව සිටින අවස්ථාවක කොළඹ නගරාධිපතිවරයාගේ නිල නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීම දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා.