2023 පෙබරවාරි 25, කොළඹ: පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනිදා නොපවත්වන බවත් මාර්තු 3 වැනිදා අලුත් දිනයක් ප්‍රකාශයට පත් කරන බවත් මැතිවරණ කොමිසම අද නිල වශයෙන් නිවේදනය කළේය. මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අද රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.
නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ නව දිනයක් ප්‍රකාශයට පත් කළ පසු පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබාගැනීමට මැදිහත් වන ලෙස පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත ඉල්ලීමක් යැවීමට කොමසාරිස් ජනරාල්වරයා තීරණය කර ඇති බවයි.
මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව ව්‍යවස්ථානුකූලව සිදු කළ කාර්ය භාරය පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් ද කථානායකවරයා වෙත ඉදිරිපත් කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.