2023 මැයි 24, කොළඹ: ප්‍රකාශ නොකළ රත්‍රං සහ ස්මාර්ට් ෆෝන් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඊයේ (මැයි 23) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී (BIA) රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාට රුපියල් මිලියන 7.5 ක දඩයක් නියම කර මුදා හැර තිබේ.
ප්‍රකාශ නොකළ රත්‍රං තොගය සහ ජංගම දුරකථන රාජසන්තක කිරීමෙන් පසු ඔහු මුදා හැර තිබේ.
ගුවන් තොටුපළේ රාජකාරියේ යෙදී සිටි රේගු නිලධාරීන් විසින් ඔහුගේ ගමන් මළු පරීක්ෂා කිරීමේදී රුපියල් කෝටි 100 ක් වටිනා ප්‍රකාශ නොකළ රන් ආභරණ කිලෝග්‍රෑම් 3.39 ක් සහ රන් බිස්කට් සොයාගෙන තිබේ. ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් ළඟ තිබී මිලියන 74ක් සොයා ගැනුණා.
ඊට අමතරව ඔහුගේ ගමන් මල්ලේ තිබී රුපියල් මිලියන 4.2ක් පමණ වටිනා ජංගම දුරකථන 91ක් ද සොයාගෙන තිබේ.