2023 ජනවාරි 07, කොළඹ: පාසල් ආපනශාලා තුළ සීනි සහිත සිසිල් බීම සහ තිරිඟු පිටිවලින් සාදන ලද ආහාර තහනම් කරන ලෙසත්, සහල් පිටිවලින් සාදන ලද ආහාර සහ ස්වභාවික පලතුරු බීම අලෙවි කිරීම දිරිමත් කරන ලෙසත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. ඊට අදාළ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
රටේ ප්‍රධාන ආහාර නියාමකයා වන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ අදහස් ලබාගෙන ඔහුගේ මාර්ගෝපදේශන සහිතව එම කමිටුව පත්කිරීමට තීරණය කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මව්බිම ලංකා පදනමේ නියෝජිතයින් මෙම කමිටුවට ඇතුළත් වන බව ද අමාත්‍යවරයා පැවසීය.
මව්බිම ලංකා පතනම සංවිධානයේ නියෝජිතයින් වන ආර්යසීලි වික්‍රමනායක, ආචාර්ය කේ.එම්. වසන්ත බණ්ඩාර සහ සුමිත් වන්නිආරච්චි කෘෂිකර්ම ඇමැතිවරයා හමුවී ඉහත ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කළහ.
පාසල් ආපනශාලාවල පමණක් නොව රාජ්‍ය ආයතනවල ද තිරිඟු ආශ්රිත නිෂ්පාදන සහ පැණි බීම අලෙවිය තහනම් කර සහල් පිටි ආශ්රිත ආහාර නිෂ්පාදන සහ ස්වභාවික පලතුරු බීම අලෙවිය ප්‍රවර්ධනය කරන ලෙස ද ඔවුහු ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිති.