2023 ජනවාරි 09, කොළඹ: අඩු මිලට අයිෆෝන් ලබාදෙන බව පවසමින් පුද්ගලයන් 500 දෙනෙකුගෙන් රුපියල් මිලියන 50ක් වංචා කළ පුද්ගලයෙකු කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පුද්ගලයන් දෙදෙනෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව කොළඹ – මාතාපිටිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජංගම දුරකථන ලබාදෙන බව පවසමින් සැකකරු රුපියල් ලක්ෂ 75ක මුදලක් වංචා කළ බවට වින්දිතයින් චෝදනා කර තිබේ.
සැකකරුට එරෙහිව කොල්ලුපිටිය පොලිසියේ පමණක් පැමිණිලි 500කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වාර්තා කර ඇත. සැකකරු කොල්ලුපිටිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කුලියට ගෙන එම ගොඩනැගිල්ලේ ව්‍යාපාර පවත්වාගෙන යමින් මෙම වංචනික ක්‍රියාවෙහි නිරත වී ඇත. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙවැනිම සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත නිදහස්ව සිට ඇති අතර සැකකරුගේ ව්‍යාපාරය වසා දමා ඇති බව ද කාර්යාංශය සඳහන් කළේය.