2023 අප්‍රේල් 10, කොළඹ: ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ශ්‍රී ලංගම) අයත් බස් රථවල ගාස්තු ගෙවීම සඳහා මගීන්ට QR කේත පද්ධතියක් හඳුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (අප්‍රේල් 09) නුවරඑළියේ පැවති උත්සවයකට එක්වෙමිනි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලංගම බස් ඩිපෝ හතක් සඳහා බස්රථ 26ක් බෙදා හැරීම ප්‍රවාහන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා.