2023 අප්‍රේල් 23, කොළඹ: 2023 ජනවාරි සිට අප්‍රේල් 20 දක්වා ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 400,000 සීමාව ඉක්මවා ගොස් ඇති අතර එය දිවයිනේ සංචාරක කර්මාන්තය ප්‍රකෘතිමත් වීමේ මාවතේ ස්ථිරව පවතින බව පෙන්නුම් කරයි.
අප්‍රේල් 01 සිට 20 දක්වා සංචාරකයින් 69,799ක් ශ්‍රී ලංකාවට ඇතුළු වූ බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) තාවකාලික දත්ත පෙන්වා දෙයි.
2023 ජනවාරි සිට අප්‍රේල් 20 දක්වා ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 405,478 ක් වූ අතර පළමු මාස තුන තුළ සංචාරකයින් 335,679 ක් පැමිණ තිබේ.
මේ මාසයේ පැමිණි සංචාරකයන්ගෙන් බහුතරය ඉන්දියාවෙන් සහ රුසියාවෙන්. ඒ අනුව ඉන්දියාවෙන් සංචාරකයින් 11,670ක් මෙරටට පැමිණ ඇති අතර රුසියාවෙන් පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 10,593කි.