2023 ජනවාරි 05, කොළඹ: SATVA ඔටෝමෝටිව් විසින් එක් ආරෝපණයකින් කිලෝමීටර 200ක උපරිම පරාසයක් ලබා ගත හැකි පිරිසිදු විදුලි යතුරුපැදි පරාසයක් (Street Hunter TS, CPX, CUX සහ VS2) හඳුන්වා දෙන ලදී.
SATVA Automotive යනු රටේ විශාලතම පුනර්ජනනීය බලශක්ති පුද්ගලික අංශයේ සමාගම වන WindForce PLC වෙත අනුයුක්ත සමාගමකි. VMOTO super SOCO නම් විද්‍යුත් යතුරුපැදිය ඕස්ට්‍රේලියානු කර්මාන්ත ශාලාවක නිෂ්පාදනයක් වන අතර එය චීනයේදී එකලස් කරන ලදී.
මෙම නිෂ්පාදනයේ බැටරිය උපරිම වසර හතක් දක්වා පවතී. අමතර කොටස් ලබා ගැනීමේ සහ අලුත්වැඩියා කිරීමේ පහසුකම සහිත මෙම විදුලි යතුරුපැදිවල මිල පරාසය රුපියල් 995,000 සිට රුපියල් 1,545,000 දක්වා ඊයේ ප්‍රකාශයට පත් කරන ලදී. මෙම නිෂ්පාදනය බස්නාහිර පළාතට හඳුන්වා දුන් අතර මාස තුනක් ඇතුළත අනෙකුත් පළාත්වලට ද හඳුන්වා දෙන බව සමාගම පවසයි.