2022 දෙසැම්බර් 30: ශ්‍රී ලංකාව 2023 දී යාචක පාත්‍රයක් රැගෙන ලොව වටා නොයා ජාතිය ගොඩනැගීම සඳහා නව ව්‍යුහයක් ස්ථාපිත කළ යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද ප්‍රකාශ කළේය. “අලුත් අවුරුද්දේ රට ඉදිරියට ගෙන යාමට නව ව්‍යුහයක් නිර්මාණය කිරීමට අප කටයුතු කළ යුතු අතර, යාචක පාත්‍රයක් රැගෙන ලොව වටා යාම නතර කළ යුතුයි. එහෙම නොකළොත් ජාතිය නැති වෙනවා.” විශේෂ ප්‍රකාශයක් කරමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේය.
“ශ්‍රී ලංකාව 2023 දී නිදහස ලබා 75 වැනි වසර සනිටුහන් කරයි. ශ්‍රී ලංකාව සමඟ ස්වාධීන වූ තවත් බොහෝ ජාතීන් ඉදිරියට ගිය නමුත් ශ්‍රී ලංකාව දුප්පත් රටක් ලෙස ප්‍රතිරූපය උපයා ඇත. කාලෙන් කාලෙට ජාතිය පාලනය කරපු අය ගත්තු වැරදි තීරණ නිසා තමයි අපි මේ වගේ තත්ත්වයකට වැටිලා තියෙන්නේ” යැයි පැවසීය.
“ශ්‍රී ලංකාව සමගිය ආරක්ෂා කළ යුතුයි. නව වසර තුළ එහි ජනතාව භේද අමතක කර ජාතිය වෙනුවෙන් එකමුතු විය යුතු බව අගරදගුරු රංජිත් ප්‍රකාශ කළේය.