2023 ජුලි 13: සති දෙකකට පෙර ඊද් අල්-අදා සැමරුම් මධ්‍යයේ ස්වීඩනයේ මුස්ලිම් පල්ලියකින් පිටත ශුද්ධ වූ අල් කුර්ආනය ගිනි තැබීමේ සිද්ධිය ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙළා දැක තිබේ.
එය ආගමික නිදහස උල්ලංඝණය කිරීමක් බවත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මේ සම්බන්ධයෙන් නිහඬව සිටින්නේ මන්දැයි ජනාධිපති වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ජූනි 28 දා, ස්වීඩනයේ ජීවත් වන බව කියන සල්වාන් මොමිකා නම් ඉරාක ජාතිකයෙක් ස්ටොක්හෝම්හි මධ්‍යම පල්ලියෙන් පිටත ඉස්ලාමයේ පූජනීය ග්‍රන්ථයේ පිටපතකට ගිනි තැබූ අතර එය ලොව පුරා මුස්ලිම්වරුන් අතර කෝපයක් ඇති කළේය.
ස්වීඩන් පොලිසිය මුලින් විරෝධතාව සඳහා අවසර ලබා දී ඇතත්, පසුව ජනවාර්ගික හෝ ජාතික කණ්ඩායමකට එරෙහිව උද්ඝෝෂණය කිරීම සම්බන්ධයෙන් පෙලපාලිකරුට චෝදනා එල්ල විය.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා බටහිර ජාතීන්ගෙන් ඉල්ලා සිටියේ සාම්ප්‍රදායිකව සංවර්ධනය වෙමින් පවතින, අඩු සංවර්ධිත හෝ ඌන සංවර්ධිත ලෙස විස්තර කෙරෙන ලොව පුරා රටවල් වන ගෝලීය දකුණේ හර පද්ධතියට ගරු කරන ලෙසයි.
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් ව්‍යාකූලත්වය පැතිරීමට ඉඩ නොදෙන ලෙස ඔහු බටහිර ජාතීන්ගේ නායකයන්ගෙන් ඉල්ලා සිටියේය.