2023 ජනවාරි 02, කොළඹ: ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) අද රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩු කිරීමට තීරණය කර ඇත. ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 15කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 10කින් අඩු කර ඇත.
ඒ අනුව ලංකා ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405 ක් වන අතර ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 355 කි. ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යුරෝ 4 (රු. 510), ලංකා සුපර් ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 (රු. 510), ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් (රු. 370) සහ ලංකා ඉන්ඩස්ට්‍රියල් භූමිතෙල් (රු. 464) වෙනස් නොවේ.
CPC ලංකා ඔටෝ ඩීසල් සහ ලංකා භූමිතෙල් මිල අද රාත්‍රියේ සිට අඩු කරයි

Leave a comment