2024 ජූලි 26; දීර්ඝ කාලයක් තිස්සේ පැවති මතවාදවලට සහ විවාදවලට තිත තබමින් ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 සෙනසුරාදා පවත්වන බව මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්රකාශ කර තිබේ.
එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ නාමයෝජනා භාර ගැනීම අගෝස්තු 15 වනදා වන අතර මැතිවරණය සැප්තැම්බර් 21 සෙනසුරාදා පැවැත්වෙන බවයි.