2023 ජනවාරි 01, කොළඹ: 2023 ශ්රී ලංකාව ආර්ථිකය හැරවීමට සැලසුම් කරන තීරණාත්මක වසරක් වනු ඇතැයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. ඉදිරි දශකය තුළ සමෘද්ධිමත් හා ඵලදායී ශ්රී ලංකාවක් ගොඩනැගීම සඳහා යෝජිත සමාජ, ආර්ථික සහ දේශපාලන ප්රතිසංස්කරණ නිර්භීතව ක්රියාත්මක කළ යුතු බව ඔහු සිය අලුත් අවුරුදු පණිවිඩයේ සඳහන් කරයි.