2023 ජනවාරි 04, කොළඹ: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතාගේ සුවදුක් විමසීමට සහ දෙමළ ජාතික ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද ඔහුගේ නිවසට ගියේය.
මෙම සංචාරයේදී උතුරු නැඟෙනහිර දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු සහ දෙමළ ජාතික ප්රශ්නය සම්බන්ධයෙන් සම්බන්ධන් මහතා කරුණු ඉදිරිපත් කළ අතර රජය හැකි ඉක්මනින් උතුරු නැඟෙනහිර ප්‍රශ්නයට විසඳුම් ලබාදිය යුතු බව සඳහන් කළේය.
උතුරු නැඟෙනහිර ප්‍රශ්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ රජය සමඟ සාකච්ඡා කර සුහද විසඳුමකට එළඹීමට බලාපොරොත්තු වන බව රාජපක්ෂ මහතා සම්බන්ධන්ට සහතික විය. දෙමළ පක්ෂවල ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට සහ එහි යෝජනා ධනාත්මකව අධ්‍යයනය කිරීමට ළඟදීම පැවැත්වෙන තෙදින සර්ව පාක්ෂික සමුළුවට තම පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහභාගි වන බව ද රාජපක්ෂ මහතා පැවසීය.