2023 ජනවාරි 08, මුම්බායි: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තුන්වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය පහසුවෙන් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ලකුණු 229ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ඉනිම ලකුණු 137කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් විය.
ඒ අනුව ලකුණු 91කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වූයේ තරගාවලිය 2-1ක් ලෙස ජය ගනිමිනි තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 228ක් රැස් කළ අතර සූර්යකුමාර් යාදව් නොදැවී ලකුණු 112ක් රැස් කළේය.