2023 පෙබරවාරි 15, කොළඹ: පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය කරල් අලෙවි කිරීම සම්බන්ධයෙන් බදුල්ල මහ රෝහලේ සේවය කරන 44 හැවිරිදි වෛද්‍යවරයෙකු STF විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරක් මත වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ඒ අනුව පස්සර කඳවුරට අනුයුක්ත පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් බදුල්ල ප්‍රදේශයේදී මෝටර් රථයක නැගී සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
වලංගු බලපත්‍රයක් නොමැතිව වෛද්‍යවරයා සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය මිශ්‍ර කරල් 145ක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයා ගන්නා ලදී. වැඩිදුර විමර්ශන සඳහා ඔහු බදුල්ල පොලිසියට භාරදී ඇත.