2023 පෙබරවාරි 21, කොළඹ: ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී චීනයේ ධනාත්මක ප්‍රතිචාරය ප්‍රමාද කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඇපදීම සුරක්ෂිත කිරීමට ඇති එකම බාධාව බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාවේ විශ්වාසය තහවුරු කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ශ්‍රී ලංකාවට අවශ්‍ය බව ඔහු වාර්තාකරුවන්ට පැවසීය. 2021 අගභාගයේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගත යුතු බවට යෝජනා ඉදිරිපත් වූ බව පැවසූ අමාත්‍යවරයා, “එවකට මහ බැංකු අධිපතිවරයා එය ප්‍රතික්ෂේප කළ නිසා අපි IMF ආධාර ලබාගැනීමට ප්‍රමාද වුණා,” ඔහු පැවසීය.