2023 මාර්තු 04, කොළඹ: ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජී එල් පීරිස් ඉවත් කිරීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව තීරණය කර තිබේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී සාගර කාරියවසම් පැවසුවේ පසුගියදා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව රැස්වූ අවස්ථාවේදී ඒකමතිකව මෙම තීරණයට එළඹි බවයි. කාරියවසම් මන්ත්රීවරයා පැවසුවේ ජී එල් පීරිස් මන්ත්රීවරයාට විධායක සභා රැස්වීමට පැමිණෙන ලෙස ලිඛිතව දැනුම් දුන් නමුත් ඔහු පැමිණ සිටියේ නැති බවයි.
වාර්තා වන අන්දමට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයාගේ වගකීම භාර ගැනීම සඳහා සුදුසු පුද්ගලයෙකු තෝරා ගැනීමට කටයුතු කරමින් පවතී. එම තනතුරට තේරී පත්වන සිවිල් සමාජ සාමාජිකයෙකු කෙරෙහි ද අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
කාරියවසම් මන්ත්රීවරයා කියා සිටියේ මේ සතියේ විධායක සභාව රැස්වී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට නියමිත බවයි.